මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනුම්දීමකින් තොරව පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරමින් සිටිනවා - බලශක්ති ඇමති

    මැයි 07, 2024

    කිසිදු දැනුම් දීමකින් තොරව පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ඇතැම් සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය පරීක්ෂණ සිදු කරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (07)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විදුලිබිල ගෙවා ගැනීමට නොහැකිව අසරණ සිටින පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේකර මහතා  යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.

     වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වසර 20ක් තිස්සේ විදුලිය විසන්ධි කිරීම සහ විදුලි  සම්බන්ධතා ලබා දීම සිදු කලේ  පුද්ගලික ආයතන විසින් බවයි. ආණ්ඩුව මෙය පුද්ගලික සමාගම් වලට ලබා දී තිබෙන බවට වෘත්තීය සමිති චෝදනා කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

     වැඩ්දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    රතු බිල් නිකුත් කිරීමේ ටාර්ගට් එකක් ලබා දී නැහැ. රතු බිල් නිකුත් කර විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා.. නමුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා රතුබිල් නිකුත් කරලා විදුලිය විසන්ධි කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරනවා.පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් එය සිදු වුණා එම නිලධාරින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.දී අ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya