මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔටිසම් දරුවන් ඉහළින් ඔසවමු! ලෝකයේ කුඩා දරුවන්ට ඔටිසම් රෝගය වැළදීමේ ප්‍රවණතාව ඉහළ අගයක් -ළමා මානසික විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග

    අප්‍රේල් 02, 2015
    otismලෝකයේ, කුඩා දරුවන්ට ඔටිසම් රෝගය වැළදීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගන්නා බව කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා මානසික විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.
     
     
    ඔටිසම් රෝගය පිළිබඳව මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසී ය.
     
    දරුවන්ගේ මොළයේ වර්ධයේ සිදුවන අසාමාන්‍යතාවක් සහ පසුබෑමක් නිසා හටගන්නා රෝගී තත්වයක් ලෙස ඔටිසම් රෝගය හැදින්විය හැකියි.
     
    අප්‍රේල් 02 දින ලෝක ඔටිසම් දිනය ලෙස නම් කර ඇති අතර ඔටිසම් දරුවන් ඉහළින් ඔසවා තබමු යන්න තේමා කරගනිමින් රෝගය හදුනාගෙන ඒ සඳහා අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම දිනය වෙන් කර තිබේ.
     
    මෙහිදී අඳහස් දැක්වූ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය; ඔටිසම් රෝගයේ, රෝග ලක්ෂණ හොදින් නිරීක්ෂණය කළ විට හඳුනාගත හැකියි.මේ රෝගය නිසා සමාජ සම්බන්ධතා, සංනිවේදන ක්‍රියාකාරකම්, වෙනත් හැකියාවන් හා යම් යම් දේ සඳහා සාමාන්‍ය දරුවෙකු දක්වන ආකාරයට වඩා වෙනස් ප්‍රියතාවන් දැක්වීම හඳුනා ගන්න පුළුවන්.මෙවැනි තත්ත්වයක් තුළ පසුකාලීනව දරුවා සමාජයට අනුගත කිරීමට අසීරුයි.
     
    ඔටිසම් විශාල පරාසයක රෝග ලක්ෂණ පෙන්වන රෝගයක්. වයස අවුරුදු 3 ට කලින් මෙම රෝගය පිළිබඳව අවධානය යොමු කරනවා. දරුවාගේ හැසිරීම, දරුවා දක්වන ප්‍රතිචාර, සිනා නොවීම, කතා නොකර සිටීම, උදා හරණයක් ලෙස සෙල්ලම් කරන විට එකම අරමුණක් දෙස වැඩි වේලාවක් බලා සිටීම,අසාමාන්‍ය ප්‍රියතාවන් ආදී කාරණා කෙරෙහි දරුවාගේ හැසිරීම් පිළිබඳව වැඩිහිටියන් අවධානයෙන් සිටිම වඳගත්.
     
    ලෝකයේ ඔටිසම් රෝගය ඉහළ ප්‍රවණතාවකට පත්ව තිබෙනවා. මීට පෙර සියයකට එක් දරුවෙක් ඔටිසම් රෝගයට ලක් වුවත් මේ වනවිට කර තිබෙන පර්යේෂණ අනුව එය වෙනස් වී තිබෙනවා.
     
    ශ්‍රී ලංකාවේ 1/93ක් ලෙස ද අමෙරිකාවේ 1/68ක් ලෙස ද කොරියාවේ 1/38ක් ලෙස ද රෝගය වාර්තා වන බවත් ශ්‍රී ලංකාවේද මෙම රෝගය ඉහල යෑමේ ප්‍රවණතාවක් අති බවද විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය ප්‍රකාශ කළේ ය
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya