හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා කාර්යාලයේ පැවති නගර ප‍්‍රතිසංස්කරණය පිළිබඳ රැස්වීමකට ද සහභාගි වූ ඒ මහතා සහභාගි වූ රැස්වීමේදී හිඟුරක්ගොඩ නගරය නවීකරණය කිරීමේ විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය විය.
හිඟුරක්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය, ක‍්‍රීඩාංගණය, නගරයේ මළ ප‍්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමටත්, බස් නැවතුම්පොළ අලුතින් ඉදිකිරීමටත් මෙහිදී තිරණය විය. මේ හැර නගරයේ මාර්ග පද්ධතිය, කානු පද්ධතිය හා අනෙකුත් නගරාංග නවීකරණය කිරීම පිළිබඳ ව සාකච්ඡා කළ අතර නගරාසන්නයේ ඇති පෞද්ගලික ඉඩමක් මිලදී ගෙන නිදහස් උද්‍යානයක් ලෙස පවත්වා ගෙන යාමටත් මෙහිදී අදහස් පළවිය.
මෙම සංවර්ධන වැඩසටහන පිළිබඳ ව තුන් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රාදේශීය සභාවට හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට දැන්වීය.
මේ පිළිබඳ අදහස් දැක්වූ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා සභාපති චමින්ද රත්නායක මහතා, ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ පන්දහසක පමණ මුදලක් වැය වෙතැයි ද එම මුදල් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබෙනු ඇතැයි ද සඳහන් කළේය.
මේ අවස්ථාවට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද සහභාගි විය.
NDH