නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක්

    අප්‍රේල් 02, 2015

    මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙ හි 111 වන  බල සේනාවේ 22 වන ශ්‍රී ලංකා  ජාතික ආරක්ෂක බලමුළු සෙබළුන් විසින් සංවිධානය කරන ලද අක්ෂි සායනයක් පසුගියදා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ දී පවත්වන ලදී. 

     
    22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් හා විපුල බරණගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත් වූ මෙම අක්ෂි සායනය සඳහා ගෝනගමුව දොඩම්ගහහේන සසරි ඔප්ටසියන්ස් සමාගම සිය දායකත්වය සැපයීය.
     
    වෛද්‍ය මල්ලිකා නානායක්කාර මහත්මිය ඇතුළු කණ්ඩායමක් මෙම සායනය පැවැත්වූ අතර ප්‍රදේශයේ සිවිල් වැසියන් 214 දෙනෙකු පමණ ඊට සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya