මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොත්තු රොටී ගැන දැනුවත් කරනවා - වෛද්‍ය රුවන් විජයමුණි

    අප්‍රේල් 01, 2015

    koththuමිනිස් ආහාරයට ගන්නා කොත්තු රොටී ප්‍රමිතියෙන් හා සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කිරීම පිළිබඳව හෝටල් හා ආපනශාලා හිමියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

     

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය අද (01) කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් වෛද්‍ය රුවන් විජයමුණි මහතා මේ බව පැවසී ය.

     

    ආහාරයට ගන්නා කොත්තු රොටියේ ප්‍රමිතිය පිළිබඳව ගැටළු පවතින බව කී ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාපාරිභෝගිකයන්ගෙන් වැඩිම පැමිණිලි ලැබෙන්නේ කොත්තු ආහාරයට ගැනීමෙන් පසුව වැළදෙන පාචනයසන්නිපාත උණහෙපටයිටීස් A වැනි රෝග තත්ත්වයන් පිළිබඳවයි.

     

    මේ පිළිබඳව කරුණු හෙළි කළ වෛද්‍ය රුවන් විජය මුණි  මහතා; ''මේ පිළිබඳාව පරික්ෂා කළා. අඩුම වශයෙන් කොත්තුවක් සකස් වෙන ක්‍රියාවලියට පුද්ගලයන් තිදෙනෙක්වත් සහභාගී වෙනවා. පදික වේදිකාවලදූවිල්ලසහිත පරිසරයක,විවෘතව කොත්තු සකස් කරනවා. මිනිස් ශරීරයට අහිතකර විෂබීජ මේවට ඇතුළු වෙනවා.

     

    ශීතකරණයට දමන රොටී වලට නිශ්චිත දිනයක් නැහැ.බොහෝ විට රොටී දමන්නේ සොෆින් බෑග් වලට. රොටී සකස් කරන විට සම්පූර්ණයෙන් විෂබීජ මැරෙන්නේ නෑ. හේතුව නිසි ලෙස කොත්තු රොටිය රත්වන්නේ නැති එක. කොත්තුවට එක්කරන බිත්තර පිළිබඳව ගැටලු පවතිනවා.

     

    මේ නිසා කොත්තු රොටී සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට කොළඹ නගරසභාවට පැමිණෙන ලෙස සමස්ත ලංකා ආපනශාල හිමියන්ගේ සංගමයට දැන්වූවා .ඉදිරියේ දී සෞඛ්‍යයට අහිතකර කොත්තු රොටී සකස් කිරීම පිළිබඳව වැටලීමට කටයුතු කරනවා.

     

    එමෙන් ම ආපනශාලා ශ්‍රේණිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. කොළඹ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කළ ආපනශාලා සඳහා ශ්‍රේණිගත කිරීමේ ප්ලාස්ටික් පුවරු ලබාදීමට කටයුතු කරනවා ''යැයි ද වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya