වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සහ කැපවිම නිසා යුරෝපා සංගමය තුළ යළි කොටි සංවිධානය තහනම් කිරිමට හැකි වු බවත් එය රට ලද මහත් වු ජයග්‍රහණයක් වන බවත් ප්‍රකාශ කළේය.
අනාගත දේශපාලනය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ යහපත් මිනිසුන් පිරිසක් විය යුතු බවත් ඒ වගකිම ඡන්ද දායකයා සතු වන අතර ඒ වගකිම නිසි ලෙස ඡන්ද දායකයා විසින් ඉටු කළයුතු බවත් වත්මන් ඇමති මණ්ඩලයේ අගමැතිතුමා ප්‍රමුඛ අප පසුගිය කාලයේ මැති ඇමතිවරුන් හැසිරුණු ආකාරයට අපි කටයුතු කරන්නේ නැති බවත් අනවශ්‍ය වියදම් කපා හරිමින් නිරතුරුව ජනතාවට සහන සැලසිමට කටයුතු කරන බවත් අයවැය ලේඛනයෙන් අපි පොරොන්දු වු පරිදි ජනතාවට සහන මේ වන විට ලබා දි තිබෙන බවත් නියෝජ්‍ය අමත්‍යවරයා තවදුරටත් පැවසීය.
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කර තියෙනවා, ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දිමේ වැඩපිළවෙල අපි සැලසුම් කර අකාරයටම සිදු කළා. සියලු ගොවි ණය සියයට 50කින් කපා හැරිමට කටයුතු කළා. පොරොන්දු ප්‍රකාර වු ප්‍රධාන යෝජනා රැසක් දැනටමත් අප සම්පුර්ණ කර තියෙනවා. ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණයෙදි එක්සත් ජාතික පක්ෂයට බහුතර මන්ත්‍රි ආසන ගණනාවක් ලබා ගැනිම අපේ අරමුණ බවද අලුවිහාරේ මහතා පැවසිය.
මාතලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ගාමිණි කොස්තා, සතොස ප්‍රාදේශිය කළමණකරු අබේරත්න යන මහත්වරුන් ඇතුලු ප්‍රදේශවාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
MAP/dmu_matale