එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, උතුරු මැද පළාත් වාසීන්ට පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට ජනතාව වකුගඩු රෝගයෙන් මුදවා ගැනීම තමන්ගේ එකම අරමුණ බව පැවසීය.
පානීය භූගත ජලය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනානායක මහතා ප්‍රමුඛ විශේෂඥයන් පිරිසක් මේ සඳහා පුරෝගාමීව කටයුතු කරන බවත් ඔවුන්ගේ සැලසුම් අනුව පොළොවේ ඉතාම ගැඹුරින් ලබා ගැනීමට අදහස් කරන මේ ජලය කිසිදු අයුරකින් ශරීරයට අහිතකර නොවන බවත් පැවසීය.
යෝජිත ළිං සඳහා සුදුසු ස්ථාන තෝරා ගැනීම, ළිං කැනීම, ජල පෙරණ සැපයීම, කැනීම් ක‍්‍රියාවලිය මෙන්ම නඩත්තු කටයුතු ආදී කරුණු ගැන මෙහිදී අවධානය යොමු කෙරිණ. අදාළ ජල මූලාශ්‍ර පිළිබඳ මූලික පර්යේෂණ කටයුතු ළඟදීම ආරම්භ කරන බවත් තමා ද රජරටියෙකු බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැබෑ අවශ්‍යතාවක් තමා තුළ පවතින බවත් මහාචාර්ය අතුල සේනානායක මහතා පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල විද්‍යාඥයන් ඇතුළු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
NDH