උතුරු මැද පළාත් සභාවේ ප්‍රවාහන, සමූපකාර, ක්‍රීඩා, වෙළෙඳ හා ආහාර අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා නව අමාත්‍යධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව උතුරු මැද පළාතේ සමූපකාර සංවර්ධන නිලධාරීන්, විවිධ සේවා සමූපකාර සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන් හමුවීම පසුගියදා අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.
පළමු වරට හමු වූ මේ අවස්ථාවේ දී ඔවුන්ගේ ගැටලු පිළිබඳ ව අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් සාකච්ඡාවක නිරත වූහ.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම් නයනා දසනායක හා උතුරු මැද පළාත් සමූපකාර කොමසාරිස් නයනා දිල්රුක්ෂි යන මහත්මීහු ද සහභාගි වූහ.
NDH