නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාලවලට කැබ් රථ ප්‍රදානයක්

    මාර්තු 22, 2015
    උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්නා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාලවල ප‍්‍රයෝජනය සඳහා කැබ් රථ 08ක් බෙදාදීම පසුගියදා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම පළාත් සභා පරිශ‍්‍රයේදී සිදු කෙරිණි.
     
    පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.බී. රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් ද බෙදාදෙන ලද මෙම කැබ් රථවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 58කි. රේඛීය කෘෂිකර්ම ආමාත්‍යංශය යටතේ මෙම ප‍්‍රතිපාදන ලබා දී තිබුණි.
     
    මින්නේරිය, බකමූණ, හොරොව්පොතාන, කැබිතිගොල්ලෑව, ගලෙන්බිදුණුවැව, කැකිරාව, පලාගල සහ පළාත් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය සඳහා මෙම කැබ් රථ බෙදා දෙනු ලැබීය.
     
    මෙම අවස්ථාවට පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂක නිහාල් වෙදසිංහ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජී. කරවිට යන මහත්වරු ද සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya