මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද දහවල් (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන මඟින් ජනතා සහභාගීත්වය ඇතිව මුළු දිවයිනම ආවරණය කරමින් ග්‍රාම නිලධාරී වසම් 14,023ක පිහිටි ගම්මාන 36,822ක් නඟා සිටුවීමට අපේක්ෂිතය.
මෙම වැඩසටහන යටතේ එක් ගමකට රුපියල් මිලයනය බැගින් ලබා දෙනු ඇති අතර එක් ව්‍යාපෘතියක් සඳහා අපේක්ෂා කෙරෙන සියයට 25ක ප්‍රජා දායකත්වය සමඟ එක් ගමගට රුපියල් මිලියන 1.25ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් හිමි වනු ඇත.
මෙහිදී ව්‍යාපෘති හඳුනාගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය, පසු විපරම, කළමනාකරණය හා නඩත්තුව සඳහා ජනතා සහභාගීත්වය ලබාගනිමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනතාව සෘජුවම දායක කරගැනීමට නියමිතය.
මෙම වැඩසටහන සම්බන්ධ යෝජනාව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
SDF