මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද දහවල් (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
නව රජය විසින් සකස් කරන ලද දින 100 වැඩසටහනෙහි ඇතුළත් එක් යොජනාවක් වනුයේ කුඩා රබර් වතු හිමියන් නිෂ්පාදනය කරන ස්වාභාවික අමු රබර් සඳහා රුපියල් 350ක සහතික මිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. එම යෝජනාව මුදල් අමාත්‍යතුමා විසින් පසුගිය ජනවාරි මද 29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙහි ද අන්තර්ගත වේ.
වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අමාත්‍ය මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
SDF