නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාදක හා මනෝවර්තක මත්ද්‍රව්‍ය හා ආපදා කළමණාකරණය සම්බන්ධ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අවබෝධතා ගිවිසුම් දෙකක්

    මාර්තු 19, 2015

    මාදක මත්ද්‍රව්‍ය, මනෝවර්තක ද්‍රව්‍ය (Narcotic Drugs, Psychotropic Substances) හා ඒවායේ රසායනික පෙර යෙදවුම් පිළිබඳ නීතිවිරෝධී ජාවාරමට එරෙහිව දෙරට අතර සහයෝගීතාව (Cooperation against illicit trafficking in Narcotic Drugs, Psychotropic Substances and their Chemical Precursors) තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හා ආපදා කළමණාකරණය සම්බන්ධව ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් තැබීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද දහවල් (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

     

    මාදක මත්ද්‍රව්‍ය සහ මනෝවර්තක ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධවල බරපතලකම සහ ඒවා මඟින් සමාජයට ඇති කරන භයානක ප්‍රතිඵල අවම කර ගැනීමේ අරමුණින් මාදක මත්ද්‍රව්‍ය මනෝවර්තක ද්‍රව්‍ය හා ඒවායේ රසායනික පෙර යෙදවුම් පිළිබඳ නීතිවිරෝධී ජාවාරමට එරෙහිව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවබෝධතා ගිවිසුම පිහිටුවීමට සැලසුම් කර ඇත.

     

    ඵලදායී ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් කෙටුම්පත් කෙරුණු ආපදා කළමණාකරණය සම්බන්ධ අවබෝධතා ගිවිසුම මඟින් ශ්‍රී ලංකා සහ පකිස්තානු රජයන් පහත ක්ෂේත්‍රවලදී සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

     

    0 සුළිසුළංවලින් හානි වූ තත්ත්වයන් තුළ ප්‍රජා රැකවරණය


    0 ප්‍රජා ආපදා අවදානම අවම කරගැනීම සඳහා ස්වේච්ඡා පදනමින් වූ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ප්‍රජා මට්ටමෙන් ස්ථාපිත කිරීම


    0 ගංවතුරට ලක්වන ප්‍රදේශවල සහ නායයාමට හා පාංශු ඛාදනයට ලක්වීමට ඉඩ ඇති තෙත්බිම් ප්‍රදේශවල සංවර්ධන කටයුතු නියාමනය කිරීම පිණිස ව්‍යවස්ථා සැකසීම


    0 ගංවතුර කළමනාකරණය පිණිස සහභාගිත්ව ප්‍රවේශයන් සඳහා මාර්ගෝපදේශ


    0 ගංවතුර හා නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම


    0 ඵලදායී ආපදා සහන සේවා

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya