රජයේ දින සියයේ වැඩසටහනේ යෝජිත ගර්භණි මව්වරුන් සදහා රුපියල් 20,000ක පෝෂණ දීමනාවක් ලබා දිමේ වැඩසටහන යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කෙරෙන පෝෂණ මලු බෙදා දිමේ මාතලේ දිස්ත්‍රික් උත්සවය 2015.03.21 දින පෙ.ව. 9.30 ට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු වසන්ත අලුවිහාරේ මැතිතුමාගේ සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙහි දී දිස්ත්‍රික්කයේ තෝරාගත් ගැබිණි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් 125 දෙදෙකුට පෝෂණ මලු බෙදා දිම සිදු කෙරේ.
MAP/dmu_matale