ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය වාරිමාර්ග හා කෘෂිකර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස (16) අද තලාව, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙයි.
ගෙවතු 650,000ක් ඉලක්ක කර ගනිමින් වම්බටු,තක්කාලි,කරවිල,මිරිස්,මාළු මිරිස් ,දඹල, පිපිඤ්ඤා සමූහ පැළ බඳුන් හතක් සහන මිලට ලබාදීම, අක්කර භාගයක් දක්වා වූ ඉඩම් කැබිලි 10,000ක් සඳහා ගුණාත්මක දේශීය බීජ, වටිනාකමින් 50%ක සහන මිලට ලබාදීම වැඩසටහනේ දී සිදු කෙරේ.