සේවා නියුක්ති භාර අරමුදලේ සාමාජිකයින්ගේ, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් සඳහා පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ)හැදැරීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමේ ප්රතිලාභ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්වී පාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේය.
ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.
ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරය සමඟ එහි ඉදිරි ගමන් මග තීරණය වනු ඇත – ජනපති ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව අමතමින් පෙන්වා දෙයි.