නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ETF සාමාජිකත්වය දරණ ඔබගේ දරුවාගේ වෘත්තීය පුහුණුවට සවියක්

    ඔක්තෝබර් 14, 2023

    සේවා නියුක්ති භාර අරමුදලේ සාමාජිකයින්ගේ, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් සඳහා පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ)හැදැරීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී (13) පැවති "නිපුනතා සවිය" ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අතරතුරේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව 2022 වර්ෂයට අදාළව 2023 ජනවාරි මස පැවැත්වූ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන් හට පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ3 සහ 4 මට්ටමේ) හැදෑරීම සඳහා රු. 25,000/-ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සිදුවේ.

    පාඨමාලාවක් සමඟ සම්බන්ධ වී සාර්ථක ලෙස පාඨමාලවන් සම්පූර්ණ කරන දරුවන් සඳහා අදාල ආයතනය වෙත ගෙවීමට කටයුතු කරන බව ද රෝහණ අභයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ‍

    කාලීන අවශ්‍යතාවයන් අරමුණු කොට ගෙන උසස් පෙළින් පසු දරුවන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැවීමේ අරමුණින් මෙම නිපුනතා සවිය ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.

    තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලද වෘත්තීය පුහුණු ආයතන මගින් මෙහෙයවන පාඨමාලා 54ක් සඳහා මෙම ශිෂ්‍යත්ව හිමිවේ. එහිදී තෝරාගත හැකි පාඨමාලා පිළිබඳව www.etfb.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya