අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක්

    ඔක්තෝබර් 13, 2023

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්වී පාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේය.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ අදාළ අත්සන් තැබීම පසුගිය 10 වැනි දින පස්වරුවේදී සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් HE.Paul Stephens, එහි දෙවන ලේකම් (දේශපාලන) Ms Lara Sveinsson ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද සහභාගිවී සිටියහ.

    දෙරට අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවන්හි දක්ෂතා එළි දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබිණ.ඊට අමතරව පුහුණුවීම, පුහුණු කිරීම, ක්‍රීඩා විද්‍යාව හා වෛද්‍යවේදය වැඩිදියුණු කිරීම, ක්‍රීඩා විනය හා යහපැවැත්ම සංවර්ධනය කරලීම සහ ක්‍රීඩාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් ලබා ගැනීමද මෙම ගිවිසුම හරහා දෙපාර්ශ්වයම ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

    තවද, ඕස්ට්‍රේලියාවේ පුහුණු වැඩසටහන් සහ ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන්ගේ ඉදිරි සංවර්ධනය සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මේ හරහා දෙපාර්හ්වයට අවස්ථාව උදාවනු ඇත.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා, ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මෙන්ම එහි අලෙවි අංශ ප්‍රධානී අපුල් නවරත්න බණ්ඩාර සහ වෙළෙඳ සඃවර්ධන කලමනාකරු ගිහාන් ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya