අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්දින පිලේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට

    ඔක්තෝබර් 16, 2023

    ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවනු ලබන 26 වැනි නායකයා ලෙසින් කුසල් මෙන්ඩිස් ඉතිහාස ගත වනු ඇත.

    දසුන් ශානක වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්ව කණ්ඩායමට එක් කිරීමට ලෝක කුසලාන තාක්ෂනික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. දසුන්ට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණද ආබාධයකට ලක්ව තිබෙන නමුත්, ඔහු වෙනුවට කිසිවකු කණ්ඩායමට ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන නොමැත. මතිෂගේ ආබාධත තත්ත්වයට සුව අතට පත්වීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බවට වෛද්‍යවරුන් නිිඟමනය කර තිබේ.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් තරග 2 කට ක්‍රීඩා කළ අතර එම තරග 2 ම පරාජයට පත්විය. මූලික තරග වටයේ ශ්‍රී ලංකාවට තවත් තරග 7 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර තෙවැනි තරගයට අද(16) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතය.

    ලෝක කුසලාන තරගාවලිය යටතේ ඔස්ට්‍රෙිලියාවද මේ දක්වා තරග 2 කට ක්‍රීඩා කර තිබෙන අතර එම තරග 2ම පරාජයට පත්ව තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya