අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි

    ඔක්තෝබර් 11, 2023

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව ඊයේ (10) පැවැති තරගයේ දී අති විශීෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත් කුසල් මෙන්ඩිස් මස් පිඬු ආබාධයකට ගොදුරු වී තිබීම නිසා ඔහුව වහාම රෝහල් ගත කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.

    එම තරගයේදී පන්දු 77 කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 122 ක් රැස් කරන ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියකදී වේගයෙන්ම ශතකයක් රැස් කරන ලද පිතිරුවාගේ වාර්තාවද සියතට ගනිමිනි.


    මේ හේතුවෙන් කුසල් වෙනුවට පන්දු රැකීමේ කාර්යය සඳහා දුශාන් හේමන්තගේ සේවය ලබා ගත් අතර කුසල්ගෙන් හිස්වන කඩුලු රැකීමේ කාර්යය සධීර සමරවික්‍රම විසින් සිදුකරන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya