අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

    ඔක්තෝබර් 06, 2023

    චීනයේ පැවැත්වෙන 2023 ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ(05) නිමාවට පත් වූ අතර, ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් 4ක් එම ඉසව් වලින් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

     

    මලල ක්‍රීඩාවට අමතරව ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම රිදී පදක්කම ද දිනාගත් අතර, ඒ අනුව මෙවර ක්‍රීඩා උලෙළේදී මේ වන විට දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 5කි. ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාව පදක්කම් 5ක් හෝ ඊට වැඩියෙන් දිනාගත්තේ වසර 21කට පසුව වීම ද විශේෂත්වයකි. අවසන් වරට 2002දී ශ්‍රී ලංකාව පදක්කම් 6ක් දිනාගෙන තිබුණේ රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් ලෙසිනි.

    ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම දිනාගැනීමට කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ තරුෂි කරුණාරත්න සමත් විය.

    ඒ අනුව මෙවර ඊයේ(05) දිනට 2023 ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් සටහනේ පෙරමුණේ ගැනීමට රන් පදක්කම් 177ක් සමගින් සමස්ත පදක්කම් 333ක් දිනා ගෙන සිටින සත්කාරක චීනය සමත්ව ඇති අතර, පදක්කම් 5ක් දිනාගත් ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ සටහනේ 25 වැනි ස්ථානයයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya