අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවස්ථාවක්

    සැප්තැම්බර් 25, 2023

     ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවස්ථාවක්

    චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර අද(25) පැවැත්වෙනවා.

    මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ Hangzhou ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වීමට නියමිතයි.

    දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය පරදමින් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා‌ කාන්තා පිළ සමත්වුනා.

    ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවෝ ජයගතහොත් ඉතිහාසයේ පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකාව සතු වන අතර, යම් හෙයකින් පරාජයට පත් වුවහොත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු රිදී පදක්කම ලක්මාතාව ඉදිරියේ සටහන් කරනු ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya