ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය අතරතුරදී ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ගොදුරුව තිබේ. මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගය අතරතුරදී දසුන් කලවයේ ආබාධයකට ගොදුරුව තිබේ.
ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇත.