තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සෙයියඩ් අලි සාහිර් මෞලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (17) කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
“1926” ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට වසර 5 ක් සැපිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් (16) අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැතිවිණි.