අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ජනපතිවරු හමු වෙති

    ඔක්තෝබර් 17, 2023

     

    • ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය.

    ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (17) පෙරවරුවේ බීජිං නුවරදී සිදු වූ අතර එහිදී නායකයින් මේ පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කළහ.

    පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් සහ ෆාම් ඔයිල් තහනම හේතුවෙන් දෙරට අතර ආනයන, අපනයන කාර්යයන් සඳහා ඇති වූ බලපෑම පිළිබඳව ද මෙහිදී අවධානය යෙමු විය.

    ආසියානු රටවල් ගණනාවක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීමටත්, ඉන්දියාව සමග ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් විධිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඉන්දුනිසියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු කිරීම වඩාත් කාලෝචිත බව ඉන්දිනිසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ලෝක ආර්ථික සහ දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳවත්, ආසියානු කලාපයේ කුඩා රාජ්‍යයන් ලෙස එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳවද මෙහිදී නායකයන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

    ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි (Retno Marsudi) මහත්මිය ප්‍රමුඛ එරට අමාත්‍යවරුන් සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya