ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 80%ක් වලක්වාගත හැකි අන්ධභාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 කාර්යාලය කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය හා ප්‍රංශ රජය අතර ඛනිජතෙල් ගවේෂණය පිළිබද ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට එළැඹී තිබේ.
භාෂාමය හා සංස්කෘතික විවිධත්වය සහ බහු භාෂා භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස, 2000 වර්ෂයේ සිට සෑම වසරකම සැමරේ.
පාලම් නඩත්තු කටයුතු හේතුවෙන් අද (21) ධාවනය කිරීමට නියමිතව තිබෙන මහනුවර සහ මතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අවලංගු කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.