නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ඛනිජතෙල් ගවේෂණ ගිවිසුමක්

    පෙබරවාරි 21, 2016

    ශ්‍රී ලංකා රජය හා ප්‍රංශ රජය අතර ඛනිජතෙල් ‍ගවේෂණය පිළිබද ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට එළැඹී තිබේ.

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහු‍දේ බිම් කොටස් 2ක ගවේෂණ කටයුතු සඳහා වන ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමට ප්‍රංශයේ විශාලත ම තෙල් සමාගමක් වන ටොටාල් සමාගම සමග මෙලෙස අත්සන් තැබීය.

     

    මේ අවස්ථාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් විෂයභාර අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ හා අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ද ප්‍රංශය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

     

    ගිවිසුමට අනුව යෝජිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටරයකට අමෙරිකන් ඩොලර් එකක මුදලක් සමාගම රජයට ගෙවිය යුතු වේ. ඒ අනුවදළ වශයෙන් මෙරටට ලැබීමට නියමිත කුලී මුදල රුපියල් දස ලක්ෂ හතක් පමණ වේ.

    මෙම ආයෝජනයේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya