නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහනයෙන් 80%ක් වළක්වාගත හැකි අන්ධභාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය සමීක්ෂනයකින් හෙළිවෙයි

    පෙබරවාරි 21, 2016

    ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 80%ක් වලක්වාගත හැකි අන්ධභාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 කාර්යාලය කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය දීපව්‍යාප්තව මෙම සමීක්ෂණය කර තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 80%ක්  වළක්වාගත හැකි අන්ධභාවයෙන් පෙළෙන බවය.

     


    සමීක්ෂණයේ කරුණු අනුව වළක්වාගත හැකි අන්ධභාවයට ඌව පළාතේ ජනතාව බහුලව ගොදුරු වී ඇත.දකුණු පළාතේ අඩු රෝගීන්  සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

     

    නැඟෙනහිර සහ වයඹ පළාත්වල ජනතාවද වැඩි වශයෙන් වළක්වාගත හැකි රෝගී තත්ත්වයට ගොදුරුව සිටියි.ශ්‍රී ලාංකිකයන්ගෙන් ඇසේ සුද වැඩි වීම නිසා අන්ධභාවයට පත්ව ඇති සංඛ්‍යාව 66.7%කි.දෘෂ්ටික ආබාධ හේතුවෙන් සියයට 14.60%ක් අන්ධභාවයට පත්වෙයි. 

     

    සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම පසුගිය දා කොළඹ පදනම් ආයතනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    මෙහිදී අඳහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා;

     

    මෙම සමීක්ෂණ වාර්තාව සෞඛ්‍ය සේවයේ ඉදිරි සැලසුම් සකස් කිරීමට ඉතාමත් ප්‍රයෝජන වෙනවා.ජනගහනය වෙනස්වීම හේතුවෙන් රෝග රටාවද වෙනස් වෙනවා.මේ තත්ත්වය 2020 දී සියයට 20% දක්වා වැඩිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අක්ෂි පරික්ෂාව අසම්බන්ධයෙන් පුහුණුවක් ලබාදී තිබෙනවා.ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට වැය වන්නේ රුපියල් 5400ක් පමණයි. එම නිසා උපන්දින සාදවලට වැයකරන මුදල්වලින් එක් ශල්‍යකර්මයකට මුදල් ලබාදුන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya