මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රබලයෝ රැසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපතිට සහය දැක්වීමට එක්වේ

    නොවැම්බර් 10, 2014

    බස්නාහිර, දකුණ, වයඹ පළාත් සභා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු හා ප්‍රජාතන්ත්‍රවාදී භික්ෂු සංවිධානයේ මහ ලේකම් ස්වාමීන් වහන්සේ ඇතුළු සාමාජික හිමිවරුන් ද එම පක්ෂයේ ආසන සංවිධායකවරු රැසක් ඇතුළු සියයකට අධික පිරිසක් අද (10) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීමට එක් වූහ.


    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය සහ එහි වැඩපිළිවෙළ පිළිබඳ කලකිරුණු මේ පිරිස මෙලෙස ජනාධිපතිතුමා හමු වී සහය පළ කළ අතර නායකත්වය නුසුදුසු පුද්ගලයෙකු යටතේ දේශපාලනය කිරීමට හෝ රට වෙනුවෙන් සේවය කිරීමට නොහැකි බවත් නායකත්වයේ ලක්ෂණ මැනවින් පිළිබිඹු කර න ජනාධිපතිතුමා යටතේ රටටත් ජනතාවටත් සේවය කිරීමට තීරණය කළ බවත් පැවසූහ.

    ජාතික භික්ෂු පෙරමුණේ අනුශාසක හිමිවරුන් වන මාදිවෙල සීවලී, කහවත්තේ ඥානසීහ, එල්ලාවල වජිරවංශ යන ස්වාමීන් වහන්සේලා ද ජාතික භික්ෂු පෙරමුණේ සංවිධායක වග විමලරත්න, උප සභාපති විල්ගමුවේ ධම්මාලංකාර, ප්‍රචාරක ලේකම් දිවුරුම්වල විනීත, මහ ලේකම් බියගම සුසීල යන හිමිවරුන් ප්‍රමුඛ සාමාජික භික්ෂූන් වහන්සේලා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එච්.කේ. අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී පද්මසිරි ද සිල්වා, වයඹ පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.එම්. රත්නායක යන මහත්වරු මෙහිදී ජනාධිපතිතුමා හමු වූහ.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන් වන නිර්මල කොතලාවල, රෝහිත අබේගුණවර්ධන, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nalin Hewapathirana

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya