මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගයේ ඉදිකිරීම් 14 සහ 15 දිනවල ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

    නොවැම්බර් 11, 2014
    උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා එළැඹෙන 14 සහ 15 දිනවලදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. 
     
    ඒ අනුව 14දා ගලේවෙල, ගලගෙදර සහ රඹුක්කන දී මෙන් ම 15දා කුරුණෑගල දී උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.
     
    මෙම අධිවේගී මාර්ගය 2018 වසර වන විට නිම කිරීමට අපේක්ෂා කරන බැවින් කොටස් දහයකින් යුක්ත ව ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
     
    ඒ අනුව එඬේරමුල්ල - වේයන්ගොඩ, වේයන්ගොඩ - මීරිගම, මීරිගම - නාකලගමුව, නාකලගමුව - අලකොළදෙනිය, අලකොළදෙනිය - මැද්දේකැටිය,  මැද්දේකැටිය - ගලේවෙල, පොතුහැර - රඹුක්කන, රඹුක්කන - ගලගෙදර, නාරංවල  අලදෙනිය - ගන්නෝරුව, ගලේවෙල - දඹුල්ල වශයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. 
     
    ගම්පහ සහ වේගයන්ගොඩ මීරිගම හරහා කුරුණෑගල දක්වා ද, පොතුහැර, රඹුක්කන, ගලගෙදර හරහා මහනුවර දක්වා මෙම අධිවේගී මාර්ග ඉදිකිරීම සිදු කිරීමට නියමිතය. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya