මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉතිරිකිරීමේ බැංකු හපන් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    නොවැම්බර් 02, 2014
    ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් සංවිධානය කරනු ලබන හපන් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කොළඹ ගලධාරි හෝටලයේ දී සිදු කෙරිණි.
     
    මෙහිදී දිවයින පුරා විසිර සිටින හපන් ශිෂ්‍යත්වලාභී ළමුන් 226 දෙනෙකුට ශිෂ්‍යත්වය ප්‍රදානය සිදු විය.
     
    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය කණිෂ්ඨ ප්‍රාථමික ද්විත්ව පාසලේ ඉගෙනුම ලබන වෙනුජ නිම්සත්, පොලොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන නෙත්මල් තිලකරත්න පිළිවෙළින් දිවයිනෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගෙන ඇති අතර තුන්වන ස්ථාන දෙක ගම්පහ බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ යසෝදරා ගුණසේකර කෑගල්ල මාවනැල්ල සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ ෆාතිමා සමහා විසින් ලබා ගන්නා ලදී.
     
    මේ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනී ඩබ්.ඒ. නාලනී, ක්‍රියාකාරී අධ්‍යක්ෂ සුමනදාස අබේගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya