මෙම හමුව සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 5000කට අධික පිරිසක් එක් ව සිටියහ.
මහජන මිත්‍රශීලි, වෘත්තීමය හා අභිමානවත් පොලිස් සේවාවක් ගොඩනැගීමට ජනාධිපතිතුමා සිදුකළ කැපවීම සහ මඟපෙන්වීම උදෙසා එතුමා වෙත උපහාර පුදකරමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් මහින්ද බාලසුරිය, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB