විශිෂ්ට හෙද සේවාවක් - ගුණාත්මක මෙහෙවරක් 2006 - 2015 මැයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් මෙය සංවිධානය කර තිබුණි.
හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ප්‍රණාමය පුද කරමින් ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේද, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
DB