මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සිරිසඳ සෙවණ" නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    ඔක්තෝබර් 18, 2014
    කොළඹ, බ්ලුමැන්ඩල් "සිරිසඳ සෙවණ" අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාවට පූර්ණ සුව පහසුව ඇති ව නිවාස තනාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු "සිරිසඳ සෙවණ" නව නිවාස සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (17) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.
     
    වර්ග අඩි 450කින් සමන්විත මෙම නිවසක් නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වේ.
     
    නිවාස ලබාදීමට සමගාමීව මාර්ග පද්ධතිය පුළුල් කිරීම, ප්‍රජා ශාලා ආදී අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කර තිබීමද විශේෂත්වයකි.
     
    කලාන්තරයක් පුරා මේ අඩුපහසුකම්ලාභී ජනතාව වෙනුවෙන් හඬක් නැඟීමට හෝ ඔවුන්ගේ ජීවිත යහපත් කොට ස්ථීරසාර නිවසක් ලබාදීමට මෙතෙක් පැවැති කිසිදු රජයකට හැකියාවක් නොලැබුණි. ඔවුන්ගෙන් දේශපාලනික වශයෙන් ප්‍රයෝජන ලබාගෙන ජනතාවගේ ජීවිතවලට හිසට ස්ථිරසාර නිවසක් ලබා නො දී දුෂ්කර තත්ත්වය ම උරුම කර දී තිබුණි. මෙම තත්ත්වය මැනවින් වටහාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා මෙදාතුර කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත නිවාස වෙනුවට සුවිශාලතම මහල් නිවාස ව්‍යාපෘතින් රැසක් ආරම්භ කළේය.
     
    සෑම පුරවැසියෙකුට ම නිවසක් යන මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාවට නිවාස 70,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස 20,000කට ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් ආරම්භ කර ඇත.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉදිකිරීම් සිදු කරයි.
     
    සමරු ඵලකය නිරාවරණය කර සිරිසඳ සෙවණ නව නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කර දුන් ජනාධිපතිතුමා සංකේතාත්මකව නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීමට ද එක්විය.
     
    අනතුරුව නිවාස සංකීර්ණය පරීක්ෂා කරමින් නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. නිවාසලාභී ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථාබහක නිරත විය.
     
    මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරු, ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා, තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි මහත්වරුන්ද, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE sirisanda sewana 1
     
     
    HE sirisanda sewana 2
     
    HE sirisanda sewana 3
     
    HE sirisanda sewana 4
     
    HE sirisanda sewana 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya