මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස් වෙයි

    මැයි 07, 2024

    පාර්ලිමේන්තුව  අද  පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවනු පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

     එසේම සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව ඇත.

    හෙට(08) පෙ.ව. 09.30 ප‍ෙ.ව. 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) සදහා කාලය වෙන් කර ඇත.

    අනතුරුව පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) සදහා කාලය වෙන් කර තිබේ.

    අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ අංක 2348/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් නියෝග සහ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2340/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

    ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) සදහා කාලය වෙන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya