මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිදහස් පෙරමුණේ පූර්ණ සහය ජනපතිට

    ඔක්තෝබර් 17, 2014
    ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්. ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
     
    ජාතික නිදහස් පෙරමුණ අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේ දී මේ බව අනාවරණය කෙරිණි.
     
    එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂවල යෝජනා අදහස් සැලකිල්ලට ගනිමින් රජයේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya