මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහානාම විද්‍යාලයේ 60වන සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 17, 2014
    කොළඹ මහානාම විද්‍යාලයේ 60වන සංවත්සර උත්සවය සහ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ දී පැවැත්විණි. 
     
    විද්‍යාලයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ව එම දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබූහ. 
     
    පසුගිය වර්ෂයේ අති විශිෂ්ට දක්ෂතා දැක්වු දරුවන්ට සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    එමෙන් ම අවම නිවාඩු සංඛ්‍යාවක් ලබා ගනිමින් සිසුන් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ ගුරුවරුන්ට ද ජනාධිපතිතුමා අතින් උපහාර තිළිණ පිළිගැන්වීය. 
     
    විද්‍යාලයට පැමිණීම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර විදුහල්පති ප්‍රසන්න උපශාන්ත මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. 
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහත්වරුන් ද, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ආදි සිසුන් ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ. 
     
    DB
     
    HE MAHANAMA COLLEGE 1
     
     
    HE MAHANAMA COLLEGE 2
     
    HE MAHANAMA COLLEGE 3
     
    HE MAHANAMA COLLEGE 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya