මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් නව අමාත්‍යවරු දිවුරුම් දෙති

    ඔක්තෝබර් 16, 2014
    ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
     
    ඒ අනුව අනුර විදානගමගේ, චාමර සම්පත් දසනායක, අකලන් සෙන්දිල් තොන්ඩමාන් සහ කුමාරසිරි රත්නායක යන මහත්වරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු වූහ.
     
    පසුගිය 13 වන දා පැවති පළාත් සභා මැතිවරණයේ ලද ප‍්‍රතිඵලයන්ට අනුව ඌව පළාත වෙනුවෙන් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පහත පරිදි වේ.
     
    මහාමාත්‍ය ශෂින්ද රාජපක්ෂ මහතා මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, සංස්කෘතික, සමාජ සුබසාධන හා ග‍්‍රාමීය යටිතල පහසුකම් පිළිබඳ අමත්‍යවරයා වශයෙන් ද, අනුර රවීන්ද්‍ර විදානගමගේ මහතා කෘෂිකර්ම වාරිමාර්ග සත්ත්ව නිෂ්පාදන මිරිදිය කර්මාන්ත හා ප‍්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යවරයා වශයෙන් ද, කුමාරසිරි රත්නායක මහතා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු ඇමතිවරයා වශයෙන් ද, අකලන් සෙන්දිල් තොන්ඩමාන් මහතා මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ද, චාමර සම්පත් දසනායක මහතා ක‍්‍රීඩා හා යෞවන කටයුතු විදුලිබල හා බලශක්ති, පේෂකර්ම හා කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ඇත.
     
    DB
     
    UVA NEW APPOIMENT
     
     
    UVA NEW APPOIMENT 1
     
    UVA NEW APPOIMENT 2
     
    UVA NEW APPOIMENT 3
     
    UVA NEW APPOIMENT 3 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya