මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගරයට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන පහසුකම් අද සෑම ප්‍රදේශයකට ම

    ඔක්තෝබර් 15, 2014
    ගමේ උපන් අයෙකු වශයෙන් ගමේ ජනතාව සම්බන්ධයෙන් තමාට දැඩි ආදරයක් ඇති බවත් ඒ නිසා ම ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා දැඩි වගකීමක් තමාට ඇති බවත් ඩෙල්ෆ්ට් දූපතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (14) ප්‍රකාශ කර සිටියේය.
     
    නගරයේ එක්තරා පැලැන්තියකට පමණක් සීමා වී තිබුණු වරප්‍රසාද හා සමාන අයිතිවාසිකම් ගමේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ටත් ලබාදීම මෙම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර මඟින් සිදු වන බව පැවසූ ජනාධිපතිතුමා මෙවැනි විද්‍යාගාර ප්‍රයෝජනයට ගන්නා අපේ දරුවන් ඩෙල්ෆ්ට් දූපත පමණක් නොව ඉදිරියේදී සමස්ත ලෝකය ම ජයග්‍රහණය කරනු ඇති බවට මෙහිදී සිය විශ්වාසය පළ කර සිටි අතර ඒ සඳහා රජය අවශ්‍ය සෑම සහයෝගයක් ම ලබාදෙන බව ප්‍රකාශ කර සිටියේය.
     
    කිසිදාක සොර සතුරන්ටවත් සොරකම් කළ නොහැකි වටිනාම දෙය වනුයේ නිවැරදි අධ්‍යාපනය තුළින් ලබාගන්නා උගත්කම බව අවධාරණය කළ ජනාධිපතිතුමා තම මුළු ධෛර්යය යොදා ඒ තුළින් සන්නද්ධ වීමට මෙම දරුවන් නිතර ම ක්‍රියා කළ යුතු බව ද මෙහිදී පවසා සිටියේය.
     
    ඔබ සමඟ කතා කරන්නට ලැබීම මට විශාල සතුටක්. අධ්‍යාපනය තමයි ලොකු ම සම්පත. දැනුම තමයි හොඳම ආයුධය. මහින්දෝදය විද්‍යාගාරය ඔබට ලැබුණු හොඳ වරප්‍රසාදයක්. ඔබ සියලු දෙනා හොඳින් ඉගෙන ගන්න ඕනෑ. දියුණු වෙන්න ඕනෑ. එයයි අපේ ආශාව. ඔබ තමයි අපේ සම්පත. ඔබ තමයි අපේ අනාගතය. ඔබේ දෙමාපියන්, ගුරුවරුන් කිසිදෙනෙක් අමතක කරන්න එපා. ඒ අයයි ඔබේ දෙවිවරුන්. විදේශ රටවලත් ඔබ හොඳ නමක් ලබා ගන්න ඕනෑ. එයයි අපේ අවශ්‍යතාව. එයයි ඔබේ ආශාව. ඔබ සියලු දෙනාට ම මගේ සුබපැතුම් යනුවෙන් ජනාධිපතිතුමා දෙමළ  භාෂාවෙන් ද මෙහිදී අදහස් දක්වන ලදී.
     
    අතීතයේදී ඩෙල්ෆ්ට් දූපතට පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවලට අඩු සැලකිලි ලැබුණු බවත් අද වන විට එම තත්ත්වය වෙනස් වී රටේ සෑම තැනකට ම එක හා සමාන පහසුකම් ලැබෙමින් පවතින බවත් මෙහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා සිටියේය.
     
    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya