මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්නන්ගර මැතිතුමාගේ 130වැනි ජන්ම සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 15, 2014
    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 130වන ජන්ම දින සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (13) පස්වරුවේ කන්කසන්තුරේ නෙල්ලිඅඩි මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
     
    එම විද්‍යාලය වෙත ලබාදෙන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
     
    විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද සොයා බැලීය.
     
    මධ්‍ය මහා විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක්වු විශිෂ්ටයන්ට සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    he cww kannangara 1
     
     
    he cww kannangara 2
     
    he cww kannangara 3
     
    he cww kannangara 4
     
    he cww kannangara 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya