මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙල්ෆ්ට් සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

    ඔක්තෝබර් 15, 2014
    ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමෙන් අනතුරු ව උතුරු පළාතට සුවිසල් සංවර්ධනයක් ලබා දුන් රජය අති දුෂ්කර දිවි පෙවෙතක් ගත කළ ඩෙල්ෆ්ට් දූපතේ වැසියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ද සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීය.
     
    ඒ අනුව නිම කෙරුණු සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ඊයේ (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.
     
    දිවයිනේ පළමු ග්‍රාම සේවා කොට්ඨාසය වන ඩෙල්ෆ්ට් දූපතට රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා අද පෙරවරුවේ ඩෙල්ෆ්ට් දූපත වෙත පැමිණියේය. එහි ජනතාව ද මහත් හරසරින් යුතු ව තම රාජ්‍ය නායකයාණන් ව පිළිගත්හ.
     
    ඒ අනුව ජනාධිපතිතුමා අතින් පළමු වරට එහි අලුතින් ඉදිකෙරුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කෙරුණි. ඩෙල්ෆ්ට් ජනතාවගේ සේවා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් සියලු පහසුකම්වලින් සමන්විත ව මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකර ඇත. මේ සඳහා රජය රුපියල් මිලියන 78ක් වැය කොට ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරු ව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ 
    චාරිකාවක ද නිරත විය.
     
    ඉන් අනතුරු ව අධ්‍යාපනයේ පහසුකම් සහ වරප්‍රසාද කිසිදා නොලැබුණු ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ද එම පහසුකම් නොඅඩුව ලබාදෙමින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සියලු පහසුකම්වලින් සමන්විත මෙම විද්‍යාගාරය ඉදි කර ඇත. විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා 
    බැලීය.
     
    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE DELF 2
     
     
    HE DELF 3
     
    HE DELF 4
     
    HE DELF 5
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya