මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ඩෙල්ෆ්ට් විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට

    ඔක්තෝබර් 14, 2014
    යාපනය ඩෙල්ෆ්ට් විදුලි යෝජනා ක්‍රමය සහ යාපනය වේලනෙයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහභාගීත්වයෙන් අද (14) ජනතා අයිතියට පත් කෙරිණි.
     
    වේලනෙයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අනතුරුව ඩෙල්ෆ්ට් විදුලි යෝජනා ක්‍රමය එම ස්ථානයේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ විවෘත කරනු ලැබීය.
     
    වේලනෙයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 70ක් වන අතර ඩෙල්ෆ්ට් විදුලි යෝජනා ක්‍රමය සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 500කි.
     
    මෙතෙක් 40%ක් ව පැවති ඩෙල්ෆ්ට් දූපතේ විදුලියනය නව විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමඟ 99% දක්වා ගෙන ඒමට හැකි වී තිබේ. 
     
    සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න සහ විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 
     
    DB
     
    DSC 5379
     
     
    DSC 5412
     
    DSC 5349

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya