මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙය තවත් එක් ප‍්‍රවාහන මාර්ගයක් නො ව උතුරත් දකුණත් යා කරන සාමයේ පාලමක් - ජනපති පවසයි

    ඔක්තෝබර් 14, 2014

    මෙම දුම්රිය මාර්ගය තවත් එක් ප‍්‍රවාහන මාර්ගයක් නොව උතුරත් දකුණත් යා කරන සාමයේ පාලමක් බව යාල් දේවී දුම්රිය ගමනේදී මාධ්‍යයට අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේය. 


    ත‍්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමූ උතුරේත් දකුණේත් ජනතාව අතර අතීතයේ පටන් පැවති සහෝදරත්වය සහ සංස්කෘතිකමය සබැඳියාව මෙම දුම්රිය ගමනෙන් යළි තහවුරු වනු ඇති බවට ද ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

    උතුරු දකුණු ජන හදවත් යා කරන යාල් දේවී දුම්රිය වසර 24කට පසු ඊයේ (13) පෙරවරුවේ යළිත් යාපනය දක්වා ගමන් ඇරඹීය. කුරිරු ත‍්‍රස්තවාදයේ අනිටු ඵලයක් ලෙස යාල් දේවිය පුපුරුවා හැරීමත් සමඟ යාල් දේවියේ ගමනට ද තිත තැබිණි.

    තිස් වසරක ශාපලත් ත‍්‍රස්තවාදය වසර තුනකින් නිමාකර උතුරේ ජනතාවට නැති වූ ජීවිත හැර අන් සියල්ලක් ම ලබාදෙන බවට දුන් පොරාන්දුව අකුරට ම ඉටු කළ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කොළඹ - යාපනය අතර දුම්රිය මාර්ගය ද යළි ගොඩනංවමින් එහි දුම්රිය ධාවනය නැවත ඇරඹීමට ද පියවර ගත්තේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya