මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපන දැක්ම අද අපි පෙරට ම ගෙනවිත් තිබෙනවා

    ඔක්තෝබර් 14, 2014

    කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පෙරට ම ගෙන යාමට රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    මෙම නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ඉතිහාසයේ කිසිදු යුගයකට වඩා වැඩි කැපවීමකින් යුතුව කි‍්‍රයාත්මක වන්නේ මෙම යුගයේ දී බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (13) පස්වරුවේ කන්කසන්තුරෙයි, නෙල්ලිඅඩි මහා විද්‍යාලයේ පැවති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 130 වන ජන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

    එම විද්‍යාලය වෙත ලබාදෙන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.

    උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ එදා අධ්‍යාපනයේ වරප‍්‍රසාද එක පැලැන්තියකට පමණක් සීමා වී තිබූ බවයි. රටේ තීන්දු තීරණ ගන්නා තැන්වල වැජඹිය යුත්තේ එක් පැලැන්තියක් පමණක් බව ඔවුන්ගේ විශ්වාසය වූ බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා අද ද ඔවුන්ගේ එම ප‍්‍රතිපත්තිවල වෙනසක් නොමැති බව කියා සිටියේ ය.

    එදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිටි ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා, කන්නන්ගර මැතිතුමා සමඟ ජනතාවගේ මතයට අත ඔසවමින් ජනතා අපේක්ෂා වෙනුවෙන් නිදහස් අධ්‍යාපන සටනට උරදුන් බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා එසේ රැකගත් නිදහස් අධ්‍යාපනය ඉදිරියටම ගෙන යාමට වත්මන් රජය කැපවූ බව ද කියා සිටියේ ය.

    මධ්‍ය මහා විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා විවිධ ක්ෂේත‍්‍රයන්හි දක්ෂතා දැක්වූ විශිෂ්ටයන්ට සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මේ අතර යාපනය හින්දු විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමාව හින්දු චාරිත‍්‍ර ඉටුකරමින් එම දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. එම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයද සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය. 

    එමෙන්ම යාපනය හින්දු බාලිකා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද ජනාධිපතිතුමා  සිසු අයිතියට පැවරූ අතර එම විද්‍යාලයේ දරුවන්ගෙන් ද ජනාධිපතිතුමාට හිමි වූයේ ඉහළ ප‍්‍රතිචාරයකි.

    දෙමව්පියන් ඇතුළු ප‍්‍රදේශවාසින් විශාල පිරිසක් ද විද්‍යාලය වෙත රැස් ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේද තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya