මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනේ

    මැයි 08, 2024

    ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිත බව  අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

    ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021. 12. 12 දිනැති ව පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළ ව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි 10, 11, 13 හා 20 යන දිනවල ‘ඉසුරුපාය’, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් වේ.

    සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළ කර ඇතැයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya