මේ අනුව පරාටේ නීතිය ලබන දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
කාරක සභා අවස්ථාවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු සංශෝධන සම්බන්ධයෙන් පැවති ඡන්ද එම සංශෝධන වැඩි ඡන්ද 30 කින් පරාජයට පත්විය.
සංශෝධනවලට විරුද්ධව ඡන්ද හතළිස් නවයක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.