මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය දුම්රිය ස්ථානය අද ජනතා අයිතියට

    ඔක්තෝබර් 13, 2014
    අලුතින් ඉදිකරන ලද යාපනය දුම්රිය ස්ථානය අද (13) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
     

    යාපනය දක්වා වූ දුම්රිය මාර්ගය හා සංඥා පද්ධතිය ද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    උතුරේ ජනතාවගේ ඉහළ ජනතා හරසර මැද පලෙයි දුම්රිය ස්ථානයෙන් යාපනය දක්වා ගමන් කිරීමට ප්‍රථම ප්‍රවේශපත්‍රය ද මිලදී ගත්තේය.

    යාපනය දක්වා දුම්රියෙන් ගමන් කරමින් ඒ අතරතුර අලුතින් ඉදිකළ කොඩිකාමම් හා නාවට්කුලි දුම්රිය ස්ථාන ද ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය. ප්‍රදේශයේ අතිවිශාල පිරිසක් එම දුම්රිය ස්ථාන වෙත රැස්ව ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කර සිටියහ.


    මේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, සාම්ප්‍රදායික හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු එක්ව සිටියහ.

    NDH/HC/SDF
     
    president opened  Jaffna railway station  4
     
     
    president opened  Jaffna railway station 2
     
    president opened  Jaffna railway station 3
     
    2
     
    3
     
    11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya