මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ රාජ්‍ය සේවකයන් 4618කට ජනපති අතින් යතුරුපැදි

    ඔක්තෝබර් 13, 2014
    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට යතුරුපැදි ලක්ෂයක් බෙදාදීමේ වැඩපිළිවෙළ යටතේ  උතුරු පළාතේ රාජ්‍ය සේවකයන් 4618 දෙනෙකුට යතුරුපැදි ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‍අද (13) පස්වරුවේ යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
     
    2014 අය-වැය යෝජනා අනුව මේ වැඩසටහන ක්‍රියාවට නංවා ඇති අතර මේ වන විට දිස්ත්‍රික්ක රැසක ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ප්‍රදානය කිරීමට රජය කටයුතු කර ඇත.
     
    ග්‍රාම සේවා, පවුල් සෞඛ්‍ය සේවා, සංවර්ධන, සමෘද්ධි, කෘෂි පර්යේෂණ, ග්‍රාම සංවර්ධන, සමාජ සේවා හා ක්‍රීඩා නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
     
    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්  ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDh/pmu_pix by Chandana Perera
     
    02
     
     
    03
     
    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya