මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධය දෙමළ ජනතාවට එරෙහි ව කළ සටනක් නොවේ

    ඔක්තෝබර් 13, 2014
    යුද්ධය කිසිවිටෙක දෙමළ ජනතාවට එරෙහි ව කළ සටනක් නොවන බවත් එය මේ රටතුළ ඇති වූ ත්‍රස්තවාදය තුරන් කිරීමට සහ ඔවුන්ගේ අවි බිම තියන්නට කළ සටනක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන 
    කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කිරීම සඳහා බලපත්‍ර සහ දීමනාපත්‍ර 20,000ක් ප්‍රදානය කිරීමට කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ඊයේ (12) පස්වරුවේ පැවති උත්සවයේදීය.
     
    "අපි යුද්ධය කිසිවිටෙක දෙමළ ජනතාවට එරෙහි ව කරපු සටනක් නොවේ. මේ රට තුළ ඇති වූ ත්‍රස්තවාදය තුරන්කිරීමට සහ ඔවුන්ගේ අවි බිම තියන්නට කරපු සටනක්. ඔබේ ජීවිත, දරුවන්ගේ ජීවිත සහ උප නූපන් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කරපු 
    සටනක්".
     
    "2009 මැයි 19දා ත්‍රස්තවාදය අවසන් කොට මේ රටේ ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමේ අයිතිය, උතුරේ වේවා, දකුණේ වේවා සියලු ජන කොටස්වලට ඒ අයිතිය ලබාදීමට අපට හැකි වුණා. ඔබට අද අමතක වෙලා තිබුණත් ඔබ දන්නවා එදා අපිට තිබුණු අභියෝග. ඔබ අනාථ කඳවුරුවල සිටියා. ඉඩම් අහිමි වෙලා සිටියා".
     
    වසර 05ක් වැනි කෙටි කාලයක් තුළ උතුරු පළාතේ ලක්ෂ ගණනින් වලදමා තිබූ බිම් බෝම්බ ඉවත් කොට යටිතල පහසුකම් සංවර්ධනය කොට ජනජීවිතය ගොඩනැඟීමට අවශ්‍ය විදුලිය, ජලය ලබාදීලා අවශ්‍ය පහසුකම් ලබා දුන් බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    12,000කට අධික තරුණ පිරිසක් නිදහස් කළ බවත් ළමා සොල්දාදුවන් 560ක් නිදහස් කළ බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා කිලිනොච්චිය දිස්ත්‍රික්කය ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්කයක් බවට පත් වෙන බවත් වසර කිහිපයක් තුළ උතුරු පළාතේ ශීඝ්‍ර දියුණුවක් ඇති කොට තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    "වාරිමාර්ග, මහාමාර්ග පද්ධතිය. සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස මේ සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනය සඳහා අපි කෝටි ගාණක් සල්ලි මේ පළාතට එවලා තමුන්නාන්සේලාගේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන එන්න මේ අවුරුදු 04ක් වගේ කෙටි කාලයක් තුළ දී 
    කටයුතු කළා. මම හිතන්නේ මිලියන 33,000කට වැඩි මුදලක්". 
     
    මේ වන උතුරු පළාතට ලබාදී ඇති පහසුකම් නිසා දරුවෝ වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බවත් දරුවන්ට අධ්‍යාපනය ලබන්නට හෙට ඉපදෙන දරුවන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට හැකි රටක් බිහිකරන්න අප හා අත්වැල් බැඳගන්නා ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya