මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් අධ්‍යාපනය දායාද නොකරන්නට අනාගතය වෙනස්වීමට ඉඩ තිබුණා

    ඔක්තෝබර් 13, 2014
    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය දායාද නොකරන්නට ශ්‍රී ලංකාවේ අනාගතය අදට වඩා බොහෝ සේ වෙනස්වීමට ඉඩ තිබුණු බව ජනාධිපති මහින්ද 
    රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.
     
    නිදහස් අධ්‍යාපනයේ පියා වූ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ 130 වැනි ඡන්ම සංවත්සරය නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කරයි.
     
    කන්නන්ගර මහතා විසින් සිදු කළ ජාතික මෙහෙවර නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල අදත් ගෞවරයෙන් යුතු ව සිහිපත් කරන්නේය. එතුමන්ගේ ගුණ සුවඳ සිහිපත් කිරීම සඳහා 
    මෙන් ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් එතුමා කළ අපරිමිත මෙහෙවරට ගරු කිරීමක් වශයෙන් 130 වැනි ඡන්ම දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන බව ද සඳහන් වේ.
     
    රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කන්නන්ගර මැතිතුමා අධ්‍යාපනය නගාසිටුවීම සඳහා සකස් කළ ප්‍රතිපත්ති ශත වර්ෂයකට වැඩි කාලයක් පැවති යටත්විජිත අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම බිඳ දමා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ 
    කරන ලදී. ඒ නිසාවෙන් එතුමා නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලැබීය. 
     
    1940 දශකයේ කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ නිදහස් අධ්‍යාපනයේ ගමන් මාර්ගය අප මේ වන විට 21 වැනි සියවසට උචිත අයුරින් පුළුල් කරමින් සිටිමු. එතුමන්ගේ ප්‍රවේශයන් අධ්‍යාපනය, මූලික මිනස් අයිතිවාසකම් ලෙස මෙන් ම එය සමාජ ආර්ථික උන්නතිය සඳහා වූ කාරකයක් ලෙස ද පිළිගනිමින් ප්‍රතිපත්ති සැලසුම් කරන්නට හා අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට අප රජය කටයුතු කරමින් සිටී.
     
    මධ්‍ය මහා විද්‍යාල 54ක් ඉදිකරමින් කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ ද්වීතීයක අධ්‍යාපනයේ සංවර්ධනය වත්මන් රජය විසින් පාසල් 1000ක් සමඟින් නූතන තාක්ෂණික ලෝකය සමඟින් ගැලපිය හැකි ද්වීතීයක අධ්‍යාපන අවස්ථා දැයේ දරුවන්ට හිමිකර දෙමින් සිටින බව ද ජනාධිපතිතුමා එහි සඳහන් කොට ඇත. 
     
    කන්නන්ගර ශ්‍රීමතාණන්ට දැක්විය හැකි උතුම් උපහාරය එතුමා ප්‍රාර්ථනා කළ අධ්‍යාපනය සවිබල ගැන්වීම නම් එය සිය දහස් ගුණයකින් අපි ඉටුකරමින් සිටිමු. එතුමාගේ චින්තනය වර්තමානයට අදාළ වන පරිදි සකස් කර තිරසාර දියුණුවක් සඳහා ඉදිරියට ගෙන යමින් සිටිමු. ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත් විය හැකි දේශයක් තැනූ ආචාර්ය කන්නන්ගර ශ්‍රීමතාණන්ට අපේ ගෞරව උපහාර පිරිනමමු.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya