මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල් දේවී සුබ මොහොතින් ගමන් ඇරඹීමට සැරසෙයි

    ඔක්තෝබර් 13, 2014

    (යාපනයේ සිට) යාල් දේවී දුම්රිය සුබ මොහොතින් ගමන් ඇරඹීම සඳහා මේ වන විට සූදානම් ව ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පලෙයි දුම්රිය වෙත පැමිණි බව වාර්තා වේ.

     
    දැනට පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය තව සුළු මොහොතකින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දක්වා ගමන් ආරම්භ කෙරේ.
     
    පලෙයි සිට යාපනය අතර අලුතින් ඉදිකළ දුම්රිය ස්ථාන කිහිපයක් ද අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ද අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වනු ඇත. 
     
    ජනාධිපතිතුමා, මැති ඇමතිවරුන්, ඉන්දීය මහ කොමසාරිස්වරයා, ඉන්දීය ඉර්කෝන් සමාගමේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශේෂ දුම්රිය මැදිරියකින් පලෙයි සිට යාපනය දක්වා ගමන් කළහ.
    ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටිති.
     
    HC/SDF/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya